වැඩ බලන පුහුණුකරු සනත් ජයසූරියගේ වසරක ස්ථිර කොන්ත්‍රාත්තුව අර්බුදයකට හේතු වී ඇතැයි ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කරනවා.
මෙතෙක් වැඩ බලන පුහුණුකරු ලෙස සනත් ජයසූරියට ගෙවු මාසික වැටුප ඩොලර් 15000 කි. (රුපියල් ලක්ශ 45).
නමුත් සනත් ස්ථිර කොන්ත්‍රාත්තුව වෙනුවෙන් මාසිකව ඩොලර් 25000 ක මුදලක් (රුපියල් ලක්ශ 75) ඉල්ලා සිටින බව වාර්තා වෙනවා.
එය අසාධාරණ ඉල්ලීමක් නොවන්නේ සාමාන්‍යයෙන් විදෙස් පුහුණුකරුවෙකුට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ගෙවූ මාසික වැටුප එය වන නිසයි.
නමුත් එහි ගැටළුව වන්නේ සනත් මෙම ඉල්ලීම සිදු කර ඇත්තේ ඔහු දැනටමත් උපදේශන තනතුරට ලබා ගන්නා මාසික රුපියල් ලක්ශ 50 වැටුපට අමතරව වීමයි.
එවිට ඔහුගේ මාසික වැටුප පුහුණුකරුවෙකුට ගෙවූ සීමාවන් ඉක්ම වන අතර ඔහු තනතුරු දෙකකට එකවර වැටුප් ලබන්නෙක්ද වනවා.
#SanathJayasuriya #SriLankaCricket
#LankaGossipHub
0 Comments