නෙළුම් කුළුණෙන් වැටුන සිසුවිය ගේ සිද්ධිය අල්ටෙයාර් සිද්දියට සම්බන්ධයිද?

 

ඊයේ (2024/10/07) නෙළුම් කුළුණෙන් අවුරුදු 15 ක විතර ගැහැණු ළමයෙක් පැන්න හෝ වැටුනු සිද්දියෙයි මීට මාස තුනකට විතර කලින් (2024/07/02) ඒ වයසෙම ගැහැණු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි කොළඹ අල්ටෙයාර් බිල්ඩින් එකෙන් පැන්න හෝ වැටුන සිද්දියෙයි සමානකම් කිහිපයක්ම තියෙනවා.


හැමෝටම පේන සමානකම් තමයි මේ දෙගොල්ලොම එකම ඉස්කෝලෙ එකම පන්තියේ. කොළඹ ජාත්‍යන්තර පාසලක 11 ශ්‍රේණියේ. ඒ වගේම මේගොල්ලො යාළුවො. අල්ටෙයාර් බිල්ඩින් එකෙන් වැටුන ගැහැණු ළමයා ඒ ගමන යද්දි මේ නෙළුම් කුළුණෙන් වැටුන ගැහැණු ළමයට කතා කරලා මූණත් ඉඹලා ගියා කියලා සමහර පත්තර වල වාර්තා කරලා තිබුනා. ඒ වගේම මේ නෙළුම් කුළුණෙන් වැටුන ගැහැණු ළමයා අල්ටෙයාර් සිද්දියෙන් පස්සෙ ගොඩක් දුකින් හිටියා කියලා ඒ ගැහැණු ළමයගෙ තාත්තා පොලීසියට කියලා තියෙනවා කියලත් සඳහන් වුනා.


ඔය ටිකට අමතරව මේ සිදුවීම් දෙකේ පේන තව සමානකම් කිහිපයක්ම තියෙයි. මේ සිදුවීම් දෙකේදිම මේ ළමයි ඉස්කෝලෙ ඉවර වෙලා ඉස්කෝලෙ ඇඳුමින් ඇවිල්ලා පස්සෙ පාට ඇඳුමක් ඇඳගෙන ඉස්කෝලෙ නිල ඇඳුම බෑග් එකට දාගෙන තියෙනවා. අල්ටෙයාර් සිදුවීමෙදි ජිම් එකකදිත් නෙළුම් කුළුණ සිද්දියේදි වොශ් රූම් එකකදිත් ඇඳුම් මාරු කරගත්තා කියලා තමයි සඳහන් වෙන්නෙ. ඊලඟට මේ සිද්දි දෙකේදිම බිමට පනින්න හෝ වැටෙන්න කලින් බෑග් එකයි සපත්තු දෙකයි ඒ අසලින් තියලා තමයි පැනලා හෝ වැටිලා තියෙන්නෙ. සාමාන්‍යයෙන් සියදිවි නසාගන්න කොට බෑග් එක ගලවලා තිබ්බත් සපත්තු ගලවලා පැත්තකින් තියලා සියදිවි නසාගන්න එක ලංකාවට එච්චර පුරුදු සාමන්‍ය දෙයක් නෙමෙයි. ඉතිං මේ සපත්තු ගලවලා පැත්තකින් තියපු එක මේ සිද්දි දෙකේම කැපිලා පේන සමානකමක්.


තවත් සමානකමක් තියෙයි. අල්ටෙයාර් සිද්දියේදි ඒ පිරිමි ළමයයි ගැහැණු ළමයයි 67 වෙනි මහලෙන් තමා වැටිලා තියෙන්නෙ. සිරුරු දෙක හොයාගෙන තිබුනෙ 3 වෙනි මහලෙන්. නෙළුම් කුළුණෙන් වැටුන ගැහැණු ළමයා වැටිලා තියෙන්නෙ 29 වෙනි මහළෙන්. සිරුර හොයාගන්නෙ 3 වෙනි මහලෙන්. සිදුවීම් දෙකේදිම සිරුරු හොයාගන්නෙ 3 වෙනි මහලෙන්.


ඊලඟට පේන දේවල් නම් ගොඩක් දුරට අහම්බයක් වෙන්න පුලුවන්. අල්ටෙයාර් සිදුවීම වෙන්නෙ 7 වෙනි මාසෙ. නෙළුම් කුළුණෙ සිදුවීම වෙන්නෙ මේ මාසෙ 7 වෙනිදා. අල්ටෙයාර් සිදුවීම වෙන්නෙ අඟහරුවාදා දවසක. නෙළුම් කුළුණෙ සිදුවීම සිද්ද වෙන්නෙ සඳුදා දවසක. එතකොට මේකෙ සමානකම මොකක්ද කියලා හිතෙයි කියවන කෙනෙක්ට. මෙහෙමයි සඳුදා කියන්නෙ අඟහරුවාදට කලින් දවසනෙ. ඒ වගේම අල්ටෙයාර් සිදුවීම වෙච්ච දිනයේ (2024/07/02) අංකමූලය ඒ කියන්නෙ එක අංකයක් එනකම් අංක ටික එකතු කරගෙන ගියාම ලැබෙන අංකය 8.

2+0+2+4+0+7+0+2 = 1+7 = 8

නෙළුම් කුළුණෙ සිදුවීම වෙච්චි දිනයේ (2024/10/08) අංකමූලය 7.

2+0+2+4+1+0+0+7 = 1+6 = 7.

එතකොට කලින් කිව්ව වගේ අඟහරුවාදට කලින් දවස සඳුදා. ඒ වගේම 8 ට කලින් දවස 7.


එතකොට මේකෙන් කියන්න උත්සාහ කරේ මේ සිදුවීම් දෙකම මේ විදියට අංක ගලපලා සැලසුම් කරලා වෙච්චි දෙයක් කියන එක නෙමෙයි. එකිනෙකට සම්බන්ධ මේ වගේ සමාන සිද්ධි වල ගොඩක් වෙලාවට මේ විදියට සමානකම් විශේෂයෙන්ම අංක වල සමානකම් තියෙනවා. ඒක එහෙම වෙන්නෙ කොහොමද කියන එක නම් අභිරහසක්. සමහර විට නිකංම අහම්බෙන් වෙන දෙයක් වෙන්න පුලුවන්.

#LotusTower #Altair #LankaGossipHub

Post a Comment

0 Comments