මේ වනවිට පිටවී ඇති බව පැවසෙන 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්ණ 03 ට අමතරව තවත් ප්‍රශ්ණ පිටවී ඇති බවට සාක්ෂි පවතින්නේ නම් ඒ බව ළඟම පොලිස් ස්ථානය වෙත දැනුම් දෙන ලෙස පොලීසිය ඉල්ලීමක් කරනවා.
එළඹෙන 07 වන දිනට පෙර අදාළ තොරතුරු පොලිස් ස්ථානය වෙත භාරදෙන ලෙසයි පොලීසිය දැනුම් දී තිබෙන්නේ.
05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්ණ පත්‍රය කලින් පිට වී ඇති බවට පවතින අර්බුදකාරී තත්වය හමුවේ එහි උත්තර පත්‍ර පරීක්ෂාව ද තාවකාලිකව නවතා දමා තිබෙන පසුබිමක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳ පරීක්ෂණයක් ද ආරම්භ කර තිබෙනවා.
#Grade05Scolarship #SriLankanPolice #LankaGossipHub
0 Comments