විද්‍යුත් දුම්වැටි ගෙනා ව්‍යාපාරිකයා අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස විද්‍යුත් දුම්වැටි තොගයක් මෙරටට රැගෙන ආ ව්‍යාපාරිකයෙකු කටුනායක ගුවන් තොටුපොළේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සතුව විද්‍යුත් දුම්වැටි 1,105 ක් පමණ තිබී ඇති අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ විස්සකට අධික බව වාර්තා වෙනවා.

මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට මෙරටට පැමිණ ඇති 36 හැවිරිදි සැකකරු මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටින අයෙක් බව සඳහන්.

#SriLankaNews #NewsSinhala #SinhalaHotNews

Post a Comment

0 Comments