නෙළුම් කුළුණෙන් පැන්නේ නවකවදය නිසාද? පියා පැවසූ දේ.

පසුගිය 7 වෙනි දින (2024/10/07) නෙළුම් කුළුණෙන් පැන සිය දිවි නසාගත් සිසුවියගේ පියා ලබා දුන් ප්‍රාකශ වලින් අදාල සිද්දිය පිලිබඳ වැදගත් කරුණු රැසක් අනාවරනය වී ඇත.

මෙහිදී මිය ගිය සිසුවිය ඉගෙනුම ලැබූ පාසලේ නවක වදය ඇති බවට සිසුවිය පවසා ඇති බවත් සිසුවියගේ පියා ප්රාකාශ කර ඇත.

මියගිය සිසුවියගේ පියා වැඩිදුරටත් පවසා ඇත්තේ ඔහුට දියණියන් දෙදෙනෙකු සිටින බවත් මියගිය දියණියගේ වැඩිමල් සහෝදරිය බෙලරූස් හි වෛද්‍ය විද්‍යාලයක දෙවෙනි වසරේ ඉගෙනුම ලබන බවත්ය.

එසේම ලන්ඩන්න් සාමන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට සූදානමින් කොළඹ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබමින් සිටි මිය ගිය දියණිය ගෙවුණු සතියේ දින දෙකක්ම පාසල් යාම ප්‍රතික්ෂේ කරමින් අදිමදි කළ බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු සිද්දිය වූ දින උදෑසන 7.10 ට පමණ දියණියව පාසල් ගේට්ටුව අසලින් ඇරලවා තිබෙනවා. අපි දැන් සිසුවියගේ පියාගේ ප්රණකාශයට යොමු වෙමු.

"අදාල දිනයේ අමතර පන්තියක් තිබෙනවා කියා දැන සිටියා. ගීතිකා පුහුණුවක් තිබෙනවා කිව්වා. දුවට අපි ෆෝන් එකක් දීලා තියෙනවා. දහවල් 2.30 ට පාසලට එන්න කියලා දුව මැසේජ් එකක් දැම්මා."

"දහවල් 2.30 ට දුවට කෑමක් දුන්නා. පාසලෙන් එළියට ඇවිල්ලා කතා කරලා දුව කෑම අරන් ගියා. ඒ වෙලේ එයත් එක්ක තවත් යාළුවෙක් හිටියා. යාළුවත් එක්ක තමයි ගීතිකා පුහුණුවට යන්න හිටියේ. හවස 4.55 ට මම ඉස්කෝලෙට ගිහිල්ලා කෝල් කළාම පොලීසියෙන් ෆෝන් එක ගත්තේ."

"පොලිස් නිළධාරියා කිව්වා දුවට අනතුරක් වෙලා නෙලුම් කුළුණට එන්න කියලා. පසුව මට පොලීසියේ මහත්තයා කිව්වා මරදාන පොලීසියට එන්න කියලා. මම ඉන් පසුව මරදාන පොලීසියට ගියා. පොලීසිය සිද්ධිය කිව්වා."

දැරියගේ මානසික මට්ටම පිළිබඳවද පියා මෙසේ අනාවරණය කළා.

"දුව හොඳට හිටියා. ඩිප්‍රෙශන් වලට බෙහෙත් බිව්වා. 2022 වසරේ නොවැම්බර් මාසයේ ඉඳලා අවසන් කාලය දක්වාම බෙහෙත් බිව්වා, ඊට පසුව හොඳ වෙලා නවත්තන්න කිව්වා බෙහෙත්. ඩිප්‍රෙශන් කියන්නෙ හිටපු ගමන් කලබල වෙලා එකපාර්ට නිහඬවෙනවා."

"2024 ජූලි මාසයේදි කොමඤ්ඤවීදියේ අල්ටෙයාර් ගොඩනැගිල්ලෙන් පිරිමි දරුවෙකු හා ගැහැණු දරුවෙකු මිය ගියා. දෙවැන්නා මගේ දුවගේ යාලුවෙක්. මෙයාගෙ පන්තියේමයි. මගේ දුව ඒ දෙන්නා එක්ක හුඟක් ළඟින් සිටි නිසා ඒ සිද්ධිය වෙච්චි දවසේ දුව එම ළමයින්ගේ දෙමව්පියන් සමඟ කතා කළා."

"පාසලෙන් කිව්වා මගේ ළමයා හොඳයි කියලා. අල්ටෙයාර් මහල් නිවාස සිද්ධියෙන් පස්සෙ එයා ගොඩක් දුකින් හිටියා."

මියගිය සිසුවිය අධ්‍යාපනය ලැබූ ජාත්‍යන්තර පාසලේ නවකවදය ක්රිසයාත්මක වූ බවටද  සිසුවිය පවසා ඇති බව සිසුවියගේ පිය සඳන් කර තිබෙනවා.

"එම සිද්ධීන් ගැන ඇසුවත් අදාළ ළමයින්ගේ විස්තර කියන්නේ නැහැ. නවකවදය කරන්නේ කවුද කියන්නේ නැහැ. මොනවගේ නවකවදයක්ද දෙන්නේ ඇහුවම කියන්නේ නැහැ."

"අපිත් එක්ක එයා හරි හොඳයි. මට හිතෙන්නේ මෙයා සැලසුම් කරලා කරලා තියෙන්නේ මේක. නෙලුම් කුළුණට කොහොමද ගියාද දන්නේ නැහැ. අපි එයාට සල්ලි දෙන්නේ නැහැ."

"බැංකු ගිණුමක් තිබෙනවා. නමුත් එයාට සල්ලි ගන්න බැහැ වයස 18 න් පහළ නිසා.  මුදල් අතට දෙන්නෙම නැහැ. එයාට මුදල් අවශ්‍යාතවයකුත් නැහැ."

දැරියගේ පරිගණකය හා දුරකතනය නිතර පරීක්ෂා කරන බවද සිසුවියගේ පියා පැවසුවා. සිද්ධිය වූ දින ඇය අමතර පන්ති යන බව පැවසුවත් එම පන්තියට සහභාගී වී නැහැ.

පන්ති යන බවට මිතුරන්ට බොරු පවසා ඇය පාසලෙන් පිටත්ව ගොස් තිබෙනවා. දැරියගේ බෑගයේ තිබී රුපියල් 1500ක මුදලක් හා පසල් නිල ඇඳුම ඇතුලු භාණ්ඩ කිහිපයක් පොලීසිය හොයාගෙන තිබෙනවා.

ඇයගේ හිස ඇතුළු සිරුරේ ස්තාන රැසකට බහුවිධ තුවාල සිදුවීම හේතුවෙන් මරණය සිදු වී ඇති බව තහවුරු වී තිබෙනවා. දැරිය සියදිවි නසාගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබූ දැරියගේ දේහය පිලිබඳ අවසන් කටයුතු 09 වෙනිදා උදේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරුනා.

මෙම සිදුවීම ගැන සොයා බැලීමට අධ්‍යාපන අමාත්‍යාංශය කමිටුවක් ද පත් කර තිබෙනවා.

කිසියම් පුද්ගලයෙකුට දිවි හානි කරගැනීමට සිතෙන ආකරයේ මානසික පීඩාවක් දැනෙනවා නම් ඒ සඳහා උපකාර කිරීමට විශේශයෙන්ම වෙන් කර ඇති පහත දුරකතන අංක ඇමතිය හැක.


ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාතනය - 1926

CCCline - 1333

ශ්‍රී ලංකා සුමිත්‍රයෝ - 070 730 83 08

Lanka Life Line - 1375


#SinhalaNews #NelumKuluna #LankaGossipHub

Post a Comment

0 Comments