කෙසෙල්වත්ත ප්‍රදේශයේ අද අලුයම මිනීමැරුමක්.


කෙසෙල්වත්ත පොලිස් වසමේ ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේ අද අළුයම තියුණු ආයුධයකින් පහරකෑමට  ලක් වූ කාන්තාවක් මිය ගොස් ඇති බව කෙසෙල්වත්ත පොලීසිය පවසනවා.

එම කාන්තාව වයස අවුරුදු 32ක් පමණ කාන්තාවක් වන අතර, ඇයගේ ස්ථිර ලිපිනයක් මෙතෙක් අනාවරණය වී නොමැති බවයි සඳහන් වෙන්නේ. 

එම කාන්තාව සහ තවත් පුද්ගලයෙකු අතර ඇති වූ පුද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදුව ඇති බවට වැඩිදුර විමර්ශනයන්ගෙන් අනාවරණය වී තිබෙනවා.

ඝාතනයට සම්බන්ධ සැකකරු හඳුනාගෙන ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීමට කෙසෙල්වත්ත පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

#CrimeScene #SriLankaPolice #Keselwaththa #LankaGossipHub

Post a Comment

0 Comments