ඉන්දියාවට එන්නයි මෝදිගෙන් අනුරට ඇරයුම්


 ඊයේ එනම් 04/10/2024 දින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජෙයිශංකර් මහතා ජනපති අනුර කුමාර දිසානායක මහතා හමුවුනා. එහිදී ඉන්දීය අගමැති මෝදිගේ මෙම ආරාධනාව ජනපති අනුර කුමාර දිසානායක මහතාට ඉදිරිපත් කර තිබෙනවා.

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර දීර්ඝකාලීන සම්බන්දතා ශක්තිමත් කරගැනීමට මෙම හමුව ඉතාම වැදගත්බව ඔහු පැහැදිලි කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කරගැනීමට ඉන්දියාව පූර්ණ සහයෝගය ලබා දෙන බවත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය පුනරුදයක් කරා යෑමට ඉන්දීය වෙළදපල භාවිතා කිරීමේ හැකියාවන් ගැනත් මෙම හමුවේදී අවදානය යොමු කර තිබෙනවා.

#narendramodi

#anurakumaradisanayake

#sinhalagossiphub





Post a Comment

0 Comments