අතරමැදියන් විසින් බිත්තර ගබඩා කර තබා ගැනීම නිසා වෙළඳපොළේ බිත්තර හිඟයක් ඇති වී බිත්තර මිල ඉහළ ගිය බව බිත්තර නිෂ්පාදකයින් චෝදනා කරනවා.
රජය මැදිහත් වී අතරමැදියන් සම්බන්ධයෙන් සොයා බලා බිත්තර මිල පහළ දැමීමට පියවර ගතහොත් බිත්තරයක් රුපියල් 30 ක් වැනි මිලකට යළි ලබා දිය හැකි බවයි ඔවුන් පවසන්නේ.
පසුගිය දිනවල රුපියල් 30 කට ආසන්න මිලකට පැවැති බිත්තරයක මිල යළිත් රුපියල් 40 ඉක්මවා ගොස් තිබෙනවා.
ඒ මෙරට බිත්තර නිෂ්පාදනය උපරිම මට්ටමක පවතින පසුබිමක වන අතර, බිත්තර නිෂ්පාදකයින් පවසන්නේ අතරමැදියන් බිත්තර ගබඩාකර තබා ගැනීම හේතුවෙන් මෙම තත්වය උද්ගත වී ඇති බවයි.
බිත්තර හා ඒ ආශ්රිත නිෂ්පාදන වල මිල පහළ දැමීමට ආණ්ඩුව ඉක්මන් පියවර ගත යුතු බව තවදුරටත් ඔවුන් පවසනවා.
#Biththara #LankaGossipHub
0 Comments