රුවන්පුරයේ පොහොට්ටුව වැඩ අරඹයි.


 පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික්කයේ මහා මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කරමින් එහි රත්නපුර දිස්ත්‍රික් පළමු මැතිවරණ කාර්යාලය  පැල්මඩුල්ල මැතිවරණ කොට්ඨාසය දි  අද විවෘත  කෙරුණි .

හිටපු රාජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු රත්නපුර දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණේ අපේක්ෂකයින් මෙම අවස්ථාවට එක් වුහ.

මෙහිදී ප්‍රේමලාල් ජයසේකර මහතා පැවසුවේ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ආර්ථික මාර්ගයක් වන මැණික් පතල්වලට නව ජනාධිපතිවරයා යටතේ අභාග්‍ය සම්පන්න ඉරණමක් උදාවි ඇති බවයි.

රත්නපුර තරුණයින්ට මැණික් පතල් සිදු කිරීමට ඉඩ නොදි අත් අඩංගුවට ගන්නා බවත්  එම තත්ත්වයට  තමා වගකිවයුතු බව බොරු ප්‍රචාරය කළත් මේ රටේ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව තමන් නොවෙන බවද ඔහු පැවසීය.

#SriLankaPoduJanaPeramuna #PremalalJayasekara #GenaralElection2024 #LankaGossipHub

Post a Comment

0 Comments