ශිෂ්‍යත්ව ව්භාගය ගැන මානව හිමිකම් කොමිසමෙන් දැනුම් දීමක්

 


ශිෂ්‍යත්ව විභාගය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිම වන තුරු ශිෂ්‍යත්ව විභාගය ගැන අවසන් තීරණයක් නොගන්නා ලෙස මානව හිමිකම් කොමිසම, අධ්‍යාපන අමාත්‍යංශයට හා විභාග දෙපාර්තමේන්තුවට දන්වා ඇත.

ගැටළුකාරී වාතාවරණයකට මුහුණ පා ඇති මෙවර ශිෂ්‍යත්ව විභාගය නැවත පවත්වන ලෙස මව්පියන් පිරිසක් ඉල්ලීම් කර ඇති අතර එය නැවත නොපවත්වන ලෙසට ඇතැම් සිසු දරුවන් ඉල්ලා ඇත.

ශිෂ්‍යත්ව විහාගයෙන් අගතියට පත් ගුරු දෙගුරු සාමාජිකයන් පිරිසක් ඊයේ (2024.10.02) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා සාක්ෂි ලබා ඝෙන ඇති බවද වාර්තා වේ.

#LankaGossipHub #ManavaHimikam #Shishyathvaya

Post a Comment

0 Comments