මිනීමැරුමකින් කෙළවර වුනු පවුල් ආරවුල

නිවසක ඇති වූ ආරවුලක් හේතුවෙන් පුදගලයෙක් මිය යෑමේ පුවතක් නොච්චියාගම, වල්පලගම ප්‍රදේශයෙන් වාර්තා වුනා.

මෙම නිවසේ ආරවුලක් සිදු වන බවට 119 මධ්‍යස්ථානයෙන් ලැබුණු තොරතුරක් මත රාත්‍රී සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරින් එම ස්තානයට ගොස් ඇති අතර එහිදී නිවසේ සිහිසුන්ව සිටි පුද්ගලයෙක් රෝහල් ගත කර තිබෙනවා.

එහිදී එම පුද්ගලයා පරීක්ෂා කල වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඔහු මිය ගොස් ඇති බවයි.

මෙසේ මියගොස් ඇත්තේ නොච්චියාගම, වල්පලගම ප්‍රදේශයේ විසූ 38 හැවිරිදි පුද්ගලයෙක්.

මෙම පුද්ගලයා නිතර බීමත්ව බිරිඳ සමඟ ගැටුම් ඇති කරගන්නා, අසල්වාසීන්ටද බැණ වදින පුදගලයෙකු බවට අනාවරණය වී ඇතැයි පොලීසිය පවසනවා.

මියගිය පුද්ගලයාගේ බිරිඳ ඔහුගේ කෑ ගැසීම වැළැක්වීමට රෙදි කැබැල්ලකින් ඔහුගේ කට වැසීමට යෑමේදී ඔහු සිහිසුන්ව ඇති බවට පොලිස් විමර්ශනයේදී අනාවරණය වී ඇති බව සඳහන්.

මියගිය පුද්ගලයාගේ වයස අවුරුදු 42 ක් වන බිරිඳ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය නොච්චියාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර නොච්චියාගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන සිදු කරනවා.

#SinhalaNewsToday #LankaNews #LankaNewsHub

Post a Comment

0 Comments