මාමා ගැසූ පහර වැරදී කෝටිපති බෑණා මිය යයි.


බලන්ගොඩ  දහමාන  ප්‍රදේශයේ  නිවසක්  තුලදි  මාමංඩිය  විසින්  කොසු මිටකින් සහ  කුඩා  මෝල් ගසකින්  සිදුකල  හිසට පහර  දිමක්  හේතුවෙන් බෑණා  ඊයේ  (11) දා රාත්‍රියේ  ඝාතනයට  ලක්ව තිබෙනවා.

මෙලෙස  මියගොස්  ඇත්තේ  බලන්ගොඩ  දහමාන  ප්‍රදේශයේ  පදිංචිව  සිටි මීගහවෙල  ලේකම්ලාගේ විජේකුමාර  නැමති  44 හැවිරිදි කෝටිපති ව්‍යපාරික   තිදරැ  පියෙකු  බව  පොලිසිය  පවසනවා.

මරණ කරැගේ  බිරිඳ එම  නිවසේ  සිට  ඇති අතර එදින  මෙම  නිවසට මරණකරැගේ  පියා  පැමිණ  සිට  තිබෙි. රාත්‍රියේ බිරිද සහ  මරණකරැ අතර බහින් බස්වීමක් සිදු වී තිබෙන  අතර එම අවස්ථාවේදී  බිරිදගේ පියා  විසින් නිවසේ සාලයේදි සිදුකල  පහර දිමක් හේතුවෙන් මෙලෙස දුවගේ සැමියා  මරණයට පත්ව තිබෙන  බව  මුලික  විමර්ශනවලදි  අණාවරනය වු බව  පොලීසිය සදහන්  කලේය.

මහේස්ත්‍රාත් පරික්ෂණය පැවැත්වීමෙන් පසු රත්නපුර අපරාධ  පරික්ෂණ නිළධාරින් (SOCO) පැමිණ  ස්ථානීය පරීක්ෂණ සිදු කලා.සිරුර පශ්චාත් මරණ පරික්ෂණ සදහා බලන්ගොඩ මුලික රෝහල වෙත රැගෙන යැමට පොලිසිය කටයුතු කලා.

පහර දුන් 65 හැවිරිදි  සැකකාර මාමා බලන්ගොඩ පොලිසිය  විසින් අත්අඩංගුවට  ගෙන  ඇත.මොහු  බලන්ගොඩ  මහේස්ත්‍රාත්  අධිකරණට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

සිද්ධිය සමිබන්දයෙන් බලන්ගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක දමිත් ජයකොඩි මහාතාගේ උපදෙස් පරිදි වැඩිදුර  පරික්ෂණ සිදු  කෙරේ.

#Crime #Balangoda #SinhalaNews #LankaGossipHub

Post a Comment

0 Comments