නෙළුම් කුළුණෙන් පැන්න සිසුවිය කලින් පැන්න දෙන්නගේ මිතුරියක්?

ඊයේ (2024/10/07) දින නෙළුම් කුළුණෙන් වැටී ජීවතක්ෂයට පත් වුනු සිසුවිය මීට මාස තුනකට පමණ පෙර කොල්ලුපිටිය අල්ටෙයාර් ගොඩනැගිල්ලෙන් පැන සියදිවිනසාගත් සිසුවාගේ හා සිසුවියගේ යෙහෙළියක් බව සඳහන් වෙනවා.

නෙළුම් කුළුණෙන් වැටී ජීවිතය අහිමි වුනු සිසුවිය මින් පෙර අල්ටෙයාර් ගොඩනැගිල්ලෙන් පැන සියදිවිනසාගත් දෙදෙනාගේ පන්තියේම සිසුවියක් බවයි ආරංචි වන්නේ.

නෙළුම් කුළුණ (Lotus Tower)

කොළඹ ජාත්‍යන්තර පාසලක 11 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ මෙම සිසුවිය ඊයේ (2024/10/07) පාසල නිම වී නිවසට නොගොස් පාසල් නිල ඇඳුම බෑගයේ දමාගෙන පාට ඇඳුමකින් සැරසී නෙළුම් කුළුණට පැමිණ තිබෙනවා.

නැරඹුම් පීඨිකාව වෙත යෑමට ටිකට් පතක් ලබා ගත් ඇය විදුලි සෝපානයෙන් එහි ගමන් කර තිබෙනවා.

නැරඹුම් පීඨීකාව අසල පාලම ළඟ පාසල් බෑගය තබා, ආසන්නයේ කිසිවෙක් නොමැති අවස්තාවක සිසුවිය එයින් පැන ඇති බවට අනුමාන කරනවා.

මෙම සිසුවියගේ යහළුවන් වූ ඇයගේ පන්තියේම ඉගෙන ගත් සිසුවෙක් හා සිසුවියක් මීට මාස තුනකට පමණ පෙර අල්ටෙයාර් ගොඩනැගිල්ලෙන් පැන සියදිවි නසාගත් අතර ඔවුන්ද තම බෑග් හා සපත්තු පනින ස්තානයේ තබා මිය ගිය ආකාරයද මීට සමාන ස්වාභාවයක් ගනී.

ඒවගේම අල්ටෙයාර් ගොඩනැගිල්ලෙන් පැන සියදිවිනසාගත් සිසුවිය සියදිවි නසා ගැනීමට යෑමට පෙර මෙම සිසුවියට කතා කර ඇයගේ මුහුණ සිඹලා ගියා කියලත් පුවත් පත් වාර්තා කරනවා.

සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

#LotusTower #SinhalaNews #LankaGossipHub

Post a Comment

0 Comments